හැමදාමත් බ්ලොග් කියව කියව ඉන්නද කල්පනාව | බ්ලොගයක් හදමු 1 1

Razor | 9:11 PM |

හරි වැඩි කයි කතන්දර නොකියා අපි බලමු කොහොමද බ්ලොග් එකක් හදාගන්නේ කියලා.මම මේකට සහය ගන්නේ අපේ ගූහල් මාමගෙන්...ගූහල් මාම අපිට නිකන් දෙන http://www.blogger.com එකෙන් වැඩෙට බහිමු...

1. මුලින්ම ඔයාලට බ්ලොග් එකක් හදන්න නම් ඔයාටම කියලා එකක් තියෙන්න ඔනා දැනටමත් තියෙනවනම් අවුලක් නෑ,තාමත් හදාගෙන නැතිනම් මෙතනින් ගිහින් හදාගන්න

2. හරි දැන් මෙතනින් බ්ලොගර් එකව්න්ට් එකට ලොග් වෙන්න.ලොග් වෙනකොට ඔයාගේ Gmail එකයි ඒකට දුන්න Pssword එකයි දෙන්න.

3.Blogger Accountලොග් උනාම ඔයලට Blogger Dashboard එක පෙනේවි එකේ "New Blog"  ක්ලික් කරන්න


4. ඊට පස්සේ ඔයලට මේ වගේ එකක් ෆිල් කරන්න එයි

*  Title :: මෙතනට ඔයාගේ බ්ලොග් එකට දාන්න හිතන් ඉන්න නම් දාන්න

* Address :: මෙතනට ඔයාගේ බ්ලොග් එකේ URL එක දාන්න ,එහෙම දානකොට ඒ ඔයාලා දාන URL එක මීට කලින් කවුරුවත් නොදාපු එකක් වෙන්න ඔනා.හොදට හිතලා බලලා හොද ඒවගේම පට ගාලා මතක හිටින එකක් දාන්න

*  Template : මේකටනම් දැනට ඔතන තියෙන ඕනා එකක් දාගන්න පස්සේ ඔවා කනපිට ගහලා වෙනස් කරගන්න පුලුවන්..

දැන් වැඩේ හරි
Create Blog!
Create Blog! Button එක ක්ලික් කරන්න

හ්ම් අදට මේ ඇති වගේ.පොස්ට් එක ගොඩක් දිග උනාමත් කියවන්න එපාවෙනවනේ.... එහෙනම් ඊලග පොස්ටුවෙන් "Blogger Dashboard එක ගැන කතාකරමු"....
ඉතින් පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ... ෆලෝ පාරක් ලයික් එකක් දැම්මට කමක් නෑ හොදේ එක මට තවත් ලියන්න ශක්තියක් වේවි .............

කාලෙකට පස්සේ 7

Razor | 1:49 AM |



කාලෙකට පස්සේ ආයෙම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුනා,දැනට අවුරුදු දෙකකට විතර කලින් ලිව්වට පස්සේ මේ ලියනවමයි.ගොඩක් අපේ සිංහල බ්ලොග් කියවන ලියන අයට මාව මතකත් නැතුව ඇති :( පොඩි හරි මතකයක් තියෙනවනම් "සොදුරු නවාතැන" බ්ලොග් එක කරේ මම තමා :ඩී

අයෙම බ්ලොග් එකක් හදන්න හිතිලා නම් දැන් ගොඩක් කල් කොහෙද ඉතින් අපට අහස උසට වැඩ නොවැ :පි කොහොම්න් කොහොමින් හරි බ්ලොග් එකක් අටවා ගත්තා කියමුකෝ හුටා දැන් මොනව ගැනයි ලියන්නේ.......

ලියනවා "බ්ලොග්" ගැන වෙන මොනා ලියන්නද අපි දන්නවැයි ඔය නිසදෙස් කයි කතන්දර ලියන්ට....

හික්ස්, දන්න දෙයක් එපැයි අප්පා ලියන්ට.....

දැන් අවුරුදු තුන හතරක ඉතිහාසයක් තියෙනවා නොවැ ඔය බ්ලොග් කෙරුවාව එක්ක, එහෙන් මෙහෙන් අහුලපුවා මහන්සියෙන් හොයාගත්තුවා ,එහෙන් මෙහෙන් උස්සපුවා :O ( ඒ ඉස්සර ඇ ) එක්ක දෙයියනේ කියලා මගේම කියලා පුංචි තැනකට ඇවිත් තියෙනවා,වැඩේ නියමයි බොල අතටත් ගානක් එනවා නොවැ ;)

හ්ම්ම්  කියෙවා ඇති මයෙ හිතේ , මෙහෙම්යි මම මේ බ්ලොග් එකෙන් කතාකරන්න යන්නේ බ්ලොග් ගැජ්ට් ගැන

හැ එව්වා ගැන විතරද...

නෑ නෑ...

බ්ලොග් එකට ගැජ්ට් දාන්න නම් ඉතින් බ්ලොග් එකක් තියෙන්න එපැයි :)

ඒක නිසා  ( blogger.com ) වලින් මුල ඉදලා බ්ලොග් එකක් නිර්මානය කරන හැටිත්,ටෙම්ප්ලේට්ස් ,ගැජ්ට් එකතුකරන හැටිත්..බ්ලොග් එක මගින් මුදල් ඉපැයිම හා බ්ලොග් එකක් ඉතාමත් හොදින් පවත්වාගෙන යන හැටිත් මම දන්න හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සැරසෙන්නේ......

ඉතින් පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ...
ෆලෝ පාරක් ලයික් එකක් දැම්මට කමක් නෑ හොදේ  එක මට තවත් ලියන්න ශක්තියක් වේවි .............

*ඒ වගේම අද මම මෙහෙම හරි තැනක ඉන්නේ " ශාන් , රොශාන් අයියා , හර්ශ , සමීර ,ලසිදු ,උදිත්,නාලක " මේ අය නිසයි ඉස්සර වගේම අදටත් මේ අයගෙන් මට තාම උදව් තියෙනවා....