හැමදාමත් බ්ලොග් කියව කියව ඉන්නද කල්පනාව | බ්ලොගයක් හදමු 1 1

Razor | 9:11 PM |

හරි වැඩි කයි කතන්දර නොකියා අපි බලමු කොහොමද බ්ලොග් එකක් හදාගන්නේ කියලා.මම මේකට සහය ගන්නේ අපේ ගූහල් මාමගෙන්...ගූහල් මාම අපිට නිකන් දෙන http://www.blogger.com එකෙන් වැඩෙට බහිමු...

1. මුලින්ම ඔයාලට බ්ලොග් එකක් හදන්න නම් ඔයාටම කියලා එකක් තියෙන්න ඔනා දැනටමත් තියෙනවනම් අවුලක් නෑ,තාමත් හදාගෙන නැතිනම් මෙතනින් ගිහින් හදාගන්න

2. හරි දැන් මෙතනින් බ්ලොගර් එකව්න්ට් එකට ලොග් වෙන්න.ලොග් වෙනකොට ඔයාගේ Gmail එකයි ඒකට දුන්න Pssword එකයි දෙන්න.

3.Blogger Accountලොග් උනාම ඔයලට Blogger Dashboard එක පෙනේවි එකේ "New Blog"  ක්ලික් කරන්න


4. ඊට පස්සේ ඔයලට මේ වගේ එකක් ෆිල් කරන්න එයි

*  Title :: මෙතනට ඔයාගේ බ්ලොග් එකට දාන්න හිතන් ඉන්න නම් දාන්න

* Address :: මෙතනට ඔයාගේ බ්ලොග් එකේ URL එක දාන්න ,එහෙම දානකොට ඒ ඔයාලා දාන URL එක මීට කලින් කවුරුවත් නොදාපු එකක් වෙන්න ඔනා.හොදට හිතලා බලලා හොද ඒවගේම පට ගාලා මතක හිටින එකක් දාන්න

*  Template : මේකටනම් දැනට ඔතන තියෙන ඕනා එකක් දාගන්න පස්සේ ඔවා කනපිට ගහලා වෙනස් කරගන්න පුලුවන්..

දැන් වැඩේ හරි
Create Blog!
Create Blog! Button එක ක්ලික් කරන්න

හ්ම් අදට මේ ඇති වගේ.පොස්ට් එක ගොඩක් දිග උනාමත් කියවන්න එපාවෙනවනේ.... එහෙනම් ඊලග පොස්ටුවෙන් "Blogger Dashboard එක ගැන කතාකරමු"....
ඉතින් පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ... ෆලෝ පාරක් ලයික් එකක් දැම්මට කමක් නෑ හොදේ එක මට තවත් ලියන්න ශක්තියක් වේවි .............

1 Responses So Far:

සචිත් said...

එල මලියො මාත් මෙ ටික දැන ගත්තෙ අද .. එත් තො මෙච්චර කල් ලිව්වෙ නැත්තෙ ඇයි යකො.............................................